හෙට සිට රජයේ පාලන මිලට සහල් දෙනවා -  ඩඩ්ලි සිරිසේන

හෙට සිට රජයේ පාලන මිලට සහල් දෙනවා -  ඩඩ්ලි සිරිසේන

June 18, 2022   06:55 pm

හෙට (19) දිනයේ සිට තමා ඇතුලු සියලුම සහල් නිෂ්පාදකයින් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කළයුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ කුමන ගැටලුවක් පැවතිය ද හෙට දිනයේ සිට තමන් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බවය.

අනෙකුත් සහල් ව්‍යාපාරිකයින් ද එම මිලට සහල් නිකුත් කළයුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.