ඉන්ධන හොයනවද ?

ඉන්ධන හොයනවද ?

June 11, 2022   07:38 am

ඉන්ධන තොග සහිත පිරවුම්හල් සොයාගැනීම පහසුකිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය එක්ව නව වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.

ජනතාව ඉන්ධන පෝලිම්වල සිටීම අවම කිරීම සඳහා රජය මගින් fuel.gov.lk නමින් එම නව වෙබ් අඩවිය හඳුන්වා දී ඇත.

එමගින් ඔබට ළඟම ඉන්ධන පිරවුම්හල පිහිටි ස්ථානය සහ අවශ්‍ය ඉන්ධන වර්ගය ඇති ප්‍රමාණය පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි වේ.

එහි දත්ත යාවත්කාලීන කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය මගිනි.

එමෙන්ම කෙටි පණිවිඩ හරහා ද අදාළ විස්තර පාරිභෝගිකයන්ට දැනගැනීමට ඉන් හැකියාව උදාවෙයි.

ඒ සඳහා මෙම වෙබ් ලිපිනයට පිවිසෙන්න.

https://fuel.gov.lk/