ලාෆ්ස් ගෑස් ගැන දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් ගැන දැනුම්දීමක්

June 4, 2022   11:31 am

ලාෆ්ස් ගෑස් සිලින්ඩර ලබන සතියේ වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බව එම සමාගම නිවේදනය කරයි.

එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ යනු ඇති බවය. 

ඒ අනුව 12.5 ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,000කට අධික මිලකින් ඉහළ යනු ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර අද (04) දිනයේ ද බෙදාහැරිමක් සිදුනොවන බව එම සමාගම පැවසීය.

මෙට්‍රික් ටොන් 2,500ක් රැගත් ගෑස් නෞකාවක් ලබන ඉරිදා දිවයිනට ළඟාවීමට නියමිත බවද එම සමාගම සඳහන් කළේය.

ඒ අනුව, ලබන අඟහරුවාදා සිට යළි ගෑස් බෙදාහැරිමේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පවසයි.

එතෙක් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ගෑස් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.