නවගත්තේගමදී අයියවයි නංගිවයි ඝාතනය කෙරේ

නවගත්තේගමදී අයියවයි නංගිවයි ඝාතනය කෙරේ

May 31, 2022   06:54 am

නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයෙක් හා සහෝදරියක්ව ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් එම ඝාතන සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අඹුසැමි යුවලක් අතර ඇතිවූ ආරවුලක් සමතයකට පත්කිරීමට බිරිඳගේ වැඩිමහල් සොයුරෙකු පැමිණ ඇති අතර එහිදී ස්වාමි පුරුෂයා විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී තිබේ.

බිරිඳට ද එම අවස්ථාවේදීම පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 25 හැවිරිදි ඔහුගේ නැගණිය බව සඳහන්ය.

සැකකරු ද තුවාල ලබා  පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.