ඖෂධ ගුණාත්මකයි - රජයේ ඖෂධවේදීන්ගේ සංගමයෙන් දැනුම්දීමක්

ඖෂධ ගුණාත්මකයි - රජයේ ඖෂධවේදීන්ගේ සංගමයෙන් දැනුම්දීමක්

May 29, 2022   04:10 pm

රට තුළ භාවිත වන ඖෂධවලින් විශාල ප්‍රතිශතයක් ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

ඖෂධ සම්බන්ධයෙන් කිසිදු දෙගිඬියාවක් ඇති කර නොගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති, අජිත් තිලකරත්න මහතා,

"මීට දින කිහිපයකට කලින්, රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් කියලා තිබුණා 2011 සිට රුපියල් මිලියන 6,259ක ඖෂධ තොග තත්ත්වයෙන් අසමත් වෙලා තියෙනවා. එම ඖෂධ තොගවලින් 99%ක් ජනතාවට ලබාදීලා තියෙනවා කියන කාරණය. සාමාන්‍යයෙන් ඖෂධයක් තත්ත්වයෙන් බාලවෙනවා කියන කාරණය අනෙකුත් වෙළෙඳ භාණ්ඩ තත්ත්වයෙන් බාලවෙනවා කියන කාරණයට වඩා වෙනස්. ඖෂධයක් මේ රට තුළ ලියාපදිංචි කරද්දි එම ඖෂධයේ තත්ත්වය හා ගුණාත්මකභාවය පිළිබඳ සියලු තොරතුරු සොයා බලනවා. ඒ වගේම මේ ඖෂධ භාවිත කරන ඖෂධවේදීන්, හෙද කාර්ය මණ්ඩලය වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් හෝ රෝගියෙක් වෙන්න පුළුවන්. කවුරු හෝ එම ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳව යම් චෝදනාවක් කළොත් එම ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳ සොයා බලනවා. රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විදියට අපි කියනවා මේ රටේ භාවිත කරන ඖෂධවලින් විශාල ප්‍රතිශයක් ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ. ඒ නිසා රෝගීන් ඒ ඉච්ඡා බංගත්වය ඇතිකර ගත යුතු නෑ සෞඛ්‍ය සේවාව හා ඖෂධ පිළිබඳව කියන කාරණය මේ රටේ ජනතාවට දැනුම්දෙනවා. අද ඖෂධවල තත්ත්ව පරීක්ෂණ සිදුකිරීමට ඇති රසායනාගාරය කිසිසේත්ම ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් නෑ. රජයට වගකීමක් පැවරෙනවා ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා පහසුකම් සහිත රසායනාගාරයක් ස්ථාපිත කිරීම හා ප්‍රවාහනයේ දී ගබඩා කිරීමේ දී ඖෂධවල තත්ත්වයන්ට හානිවිය හැකි තත්ත්වයන් පවතින ආයතනවලට රෝහල්තුළට අවශ්‍ය පහසුකම් ලබාදීම."