කොළඹ - කඩවත බස් වර්ජනයක්

කොළඹ - කඩවත බස් වර්ජනයක්

May 24, 2022   08:48 am

කොළඹ - කඩවත 138 බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔවුන් එම වර්ජනය ආර්ම්භ කර ඇති බව "අද දෙරණ" වාර්තාකරු පැවසුවේය.

මේ හේතුවෙන් කඩවත සිට ආරම්භ වන අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලට ද ධාවන කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

කෙසේවුවත් අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කඩවත පොලීසිය සඳහන් කළේය.