ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සහ මිලින්ද මොරගොඩ අතර හමුවක්

ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සහ මිලින්ද මොරගොඩ අතර හමුවක්

May 20, 2022   08:00 am

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අතර හමුවක් සිදුව තිබේ.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ නවදිල්ලි නුවර පැවැති මෙම හමුවේ දි දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා සම්බන්ධයෙන් වූ වත්මන් තත්ත්වය සමාලෝචනය කර ඇති බවය.

මෙරට ආර්ථීක හා සමාජ ව්‍යුහය පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු වී ඇති අතර ඉදිරියේදී ඉන්දියාවේ සහය අපේක්ෂා කරන ප්‍රමුඛ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව එහිදි අවධානය යොමුව තිබේ.

රටේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ඉන්දීය රජය ලබාදෙන සහය පිළිබඳව මහ කොමසාරිස්වරයා ජාතික ආරක්ෂක උපදේශකවරයාට ස්තුතිය පළ කර ඇති බවයි වාර්තා වෙයි.

පවතින දුෂ්කර කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති මට්ටමට පත්කරගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීම ඉදිරියේ ඉන්දියාවෙන් ලබාගත හැකි අනුබලය පිලිබඳවද මෙහි දී සාකච්ඡා වී තිබේ.