බස් සහ දුම්රිය මගීන් ට විශේෂ දැනුම්දීමක්

බස් සහ දුම්රිය මගීන් ට විශේෂ දැනුම්දීමක්

May 15, 2022   11:18 am

අද (15) සහ හෙට (16) දිනවලදී පෞද්ගලික බස්රථ ධාවනය සීමාකිරීමට සිදුව ඇති බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඩීසල් නොමැති වීම හේතුවෙන් බස් රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව ඔහු පැවසුවේය.

මේ අතර ඇඳිරිනීතිය ඉවත්කිරීම හේතුවෙන් අද පස්වරුවේ දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.