තැපැල් ගාස්තුත් ඉහළ ට ?

තැපැල් ගාස්තුත් ඉහළ ට ?

May 7, 2022   07:30 pm

තැපැල් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව අවධානය යොමුකර තිබේ.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, තෝරාගත් තැපැල් සේවා කිහිපයක් සඳහා පමණක් එම ගාස්තු වැඩි කිරීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

ඊට අදාළ සැලසුම් මීට පෙර සකස්කර පැවතිය ද පවතින ආර්ථික අර්බුදය සහ ජීවන වියදම සැලකිල්ලට ගනිමින් එම ගාස්තු වැඩි කිරීමට යොමු නොවුණ බව ඔහු පවසයි.

කෙසේවෙතත් තැපැල් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සමග ලබන සතියේ දී සාකච්ඡා කිරීමට සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.