කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

May 5, 2022   10:15 am

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි පොදු ව්‍යාපාර කාරක සභා වාර්තාව අද (05) සභාගත කෙරිණි.

එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් එය සභාගත කළේය.

එය සභාගත කරමින් හේරත් මහතා පැවසුවේ ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ගුවන්යානා ලබාගැනීමේ තීරණය මාස තුනකට කල් දැමීමට දැනුම්දුන් බවය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් 2022-2025 අතර කාලය සඳහා  ගුවන්යානා 21 ක්  කුලියට ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට එම සමාගම කටයුතු කරමින් සිටින බව පසුගිය අප්‍රේල් 25 වනදා පැවති කෝප් කමිටුවේදී කරුණු හෙළිවී තිබුණි.

ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව සමාලෝචනය කරන ලෙසත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න සොයාබලන ලෙසත් සංචාරක අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට කෝප් සභාපතිවරයා එහිදී උපදෙස් ලබාදුන්නේය.