නැඳුන්ගමුවේ රාජා ගැන ගත් තීරණය
May 3, 2022 11:32 am
පසුගිය දා ජීවිතක්ෂයට පත් වු "නැඳුන්ගමුවේ රාජා" හස්තියා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
එම යෝජනාවට කැබිනටි මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රාශියක විවිධ පෙරහැර මංගල්‍යයන් සඳහා සහභාගි වී ඇති නැඳුන්ගමුවේ රාජා හස්තියා 2005 වසරේ සිට 2021 වසර දක්වා අවස්ථා 13කදී ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කරඬුව වැඩම කරවූ මංගල හස්තිරාජයා ය.
නැඳුන්ගමුවේ රාජා හස්තියා පසුගිය මාර්තු මස 7වනදා ජීවිතක්ෂයට පත් විය.
මේ වන විට එම හස්තියාගේ මෘත ශරීරය සංරක්ෂණය කිරීම සඳහා පියවර ගෙන තිබේ.
