ඉන්ධන යළිත් සීමාවීමේ අවදානමක් ගැන වෘත්තීය සමිති කියයි

ඉන්ධන යළිත් සීමාවීමේ අවදානමක් ගැන වෘත්තීය සමිති කියයි

April 30, 2022   06:23 pm

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වනවිට පවතින්නේ සීමිත ඉන්ධන තොග ප්‍රමාණයක් පමණක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

කොළඹදී ප්‍රවෘත්ති සාක්ච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත,

"මුතුරාජවෙල ඩීසල් නෑ. ඩීසල් තියෙන්නේ කොළොන්නාවේ පමණයි. ඒකත් ටොන් 4,000ක්." 

"ඒ නැව තමයි අද දාන්නේ. දින 28ක් තිබුණා. ඩොලර් 522,000ක් ප්‍රමාද ගාස්තු ගෙව්වා."  

"මුතුරාජවෙල පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,000ක් පමණ තිබෙනවා. කොළොන්නාවේ තියෙන්නේ මෙට්‍රික් ටොන් 1,000ක් පමණයි." 

"පෞද්ගලික ඉන්ධන රථ හිමියන්ගේ ගාස්තු වැඩිවීම නොදෙන්නේ ඕනකමින්. වැඩවර්ජනයකට තල්ලු කරන්නේ ඉන්ධන නැති එක වහගන්න."

"19 වනදායින් පස්සේ පෙට්‍රල් නැවක් නැහැ. ඉන්දියාවෙන් නැවක් එන්න යන්නේ දින 4යි. තව මෙට්‍රික් ටොන් 37,000ක 92 පෙට්‍රල් නැවක් ඉන්දියාව දෙන්න තියෙනවා. ඒක ගෙන්වන්නේ නෑ. ඇයි?. දින 32ක් තිස්සේ වැඩි මිලට ගෙනාපු ඉන්ධන නැවක් තියාගෙන ඉන්නවා මෙට්‍රික් ටොන් 38,000ක. ඒ නැවට තවත් ඩොලර් ලක්ෂ 6ක් විතර ප්‍රමාද ගාස්තු ගෙවලා ඒනෙක් 10%ක් 15%ක් කොමිස් කන්න ඕන හින්දා."

"ඩීසල් නැවකුත් තව තියෙනවා ණයට ගේන්න. ඒක ගෙන්වන්නෙත් නෑ.. කොමිස් කන්න." 

"ඒ නිසා තෙල් ඇතිවෙනකම් නෑ.. දැඩි අර්බුදයක දැන් ඉන්නේ."