නැඳුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

නැඳුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

March 7, 2022   12:04 pm

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැඳුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ඊට අදාළ උපදෙස් ජනාධිපතිවරයා විසින් ලබාදුන් බවය.

අනාගත පරපුරට දැකගැනීම සඳහා නැඳුන්ගමුවේ හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටි ගම්පහ, වැලිවේරිය, නැඳුන්ගමුව වෙත ගොස් සිටී.