බත් පැකට්ටුවක හා ප්ලේන්ටියක මිල වැඩි කෙරේ
November 22, 2021 02:59 pm
හෙට (23) බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
අද (22) පැවති මාධ්‍ය හමුවක දී ආපනශාලා හිමියන්ගේ සංගමය මේ බව තහවුරු කර ඇත.
ඒ අනුව බත් පාර්සලයක් රු 20කින් ඉහළ යන අතර, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ.
නව මිල ගණන් යටතේ මාළු කෑම පාර්සලයක් රුපියල් 200ක්, එළවළු කෑම පාර්සලයක් රු 160ක් ලෙසත් ඉහළ යන අතර මස් කෑම පාර්සලයක් රු 230 - රු 250ත් අතර වේ.