මාරාන්තික සෙල්ෆිය

මාරාන්තික සෙල්ෆිය

November 5, 2021   04:41 pm

වව්නියාව - සෙට්ටිකුලම ප්‍රදේශයේ කල්ලාරු පාලම මත සිටිමින් "සෙල්ෆි" ඡායාරූප ගනීමට උත්සාහකළ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දුම්රියේ ගැටී මිය ගොස් තිබේ.

සෙට්ටිකුලම පොලීසිය පැවසුවේ දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී මෙම තරුණයින් දෙදෙනා පාලම මත ඇද වැටි ඇති බවය.

එහිදී එක් තරුණයෙක් පාලමේ සිට ජලයට වැටි ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ගැටී ඇත.

තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා අද (05) උදෑසන ගමන්ගත් දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ  මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

තුවාල ලැබූ අනෙක් තරුණයා ප්‍රතිකාර සඳහා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.