ජල පහරකට හසුව අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවේ

ජල පහරකට හසුව අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවේ

May 14, 2021   09:37 am

අධික වර්ෂාව හේතුවෙන් ජල පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර අද (14) උදෑසන සොයාගෙන තිබේ.

ගාල්ල අලුත්වත්ත ප්‍රදේශයේ අවුරුදු 32ක පුද්ගලයෙකු ඊයේ එම අනතුරට මුහුණ දී තිබුණි.

එලෙස මියගොස් ඇත්තේ අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි පී. කේ රසික සම්පත් නැමැති දෙදරු පියෙකි.

මේ අතර කෑගල්ල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.