ජන ජීවිතය අඩාළ නොකර සංචරණ සීමාවලට යොමුවීමට අවශ්‍ය තීන්දු තීරණ ඉදිරියේදී - GMOA
May 10, 2021 07:20 pm
දිස්ත්‍රික් අතර සංචරණය සීමා කිරීම ඇතුළු නිර්දේශ 07ක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින් කටයුතු කර තිබේ.
එම සංගම්වල නියෝජිතයින් අද (10) ජනාධිපතිවරයා, යුදහමුදාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණි.
"සංචරණ සීමා පැනවීමේදී මොන ආකාරයට ද එම සංචරණ සීමා පැනවිය යුත්තේ යන්න පිළිබඳව සාකච්ජා කළා. අපට පුළුවන්නම් අන්තර් දිස්ත්‍රික්ක හෝ අන්තර් පළාත් අතර සංචරණ සීමා පැනවීමට ඒක කිසිම බාධාවක් නොමැති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අවශ්‍යතාව තිබෙනවා නම්. ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාළ නොකර හැකි උපරිම ආකාරයෙන් ජන ජීවිතය පවත්වාගෙන යමින් මේ සංචරණ සීමාවලට යොමුවිය යුතුයි කියලා එතුමා සඳහන් කළා. එහිදී එකඟතාවයට පැමිණියා සියලුදෙනාම මේ සංචරණ සීමා උපරිම ආකාරයෙන් පාවිච්චි කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ඉදිරියේදී ලබාගැනීමට."