උනවටුනේ සංචාරක හෝටලයක සේවකයින්ට කොවිඩ්

උනවටුනේ සංචාරක හෝටලයක සේවකයින්ට කොවිඩ්

May 3, 2021   12:29 pm

කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් හා උනවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පවසයි.

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ පසුගිය මැයි 1 වන දා සහ 2 වන දා සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයින් 24 දෙනෙක් හඳුනාගෙන තිබේ.

වාර්තා වී ඇති සියලුම කොවිඩ් රෝගීන් අතරින් 35දෙනෙක් මේ වන විට රෝහල්වල ඉඩ නොමැතිකමින් නිවාසවල රඳවා සිටින බවත් එයින් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වු රෝගීන් සිව්දෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සුදානම් කළ බවත් වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පැවසීය.

“උනවටුන ප්‍රදේශයේ පවතින හෝටලයකින් කොවිඩ් ආසාදිතයින් 28ක් වාර්තාවෙලා තියෙනවා මේ වන විට. ඊට අමතරව එම හෝටලයේ දැනට 150කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට යොමුකර දින 14කට වසා දමා තිබෙනවා. “