අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

February 1, 2021   06:19 am

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී 75 පමණ තරමක් තද වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් පැ.කි.මී 50 පමණ තද වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.