බස් වර්ජනයක් ?

බස් වර්ජනයක් ?

January 16, 2021   06:16 pm

පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් එළඹෙන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග අද (16) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,"රජය විසින් ලබාදුන් සහන අපේ ඇතැම් කණ්ඩායම්වලට ලැබුණා. නමුත් බහුතර බස්රථ 16,000කට ලැබුණේ නෑ. ලීසිං ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍යතුමා ජනාධිපති ලේකම්තුමා සමග දුරකථනයෙක් සාකච්ඡා කළා. ඒ සහනය ලබාදෙන්න පොරොන්දු වුණා. පළාත් සභා ගැටලුව ගැනත් සාකච්ඡා කළා. මේ කරුණු උඩ අපේ වර්ජනය සතියකට කල්දානවා. මේ දේවල් ඉටු වුණේ නැත්නම් අපි වර්ජනය ක්‍රියාත්මක කරනවා," යනුවෙනි.