තෙල් නළයක ගින්නක්

තෙල් නළයක ගින්නක්

December 25, 2020   10:11 am

කොටහේන මහවත්ත ප්‍රදේශයේ ඉන්ධන නළයක ඊයේ (24) රාත්‍රීයේ හදිසියේ ගින්නක් හටගෙන තිබුණි.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ සහ තෙල් සංස්ථාවේ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබූ අතර නළ මාර්ගය ඔස්සේ ගින්න පැතිර ගියේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බව එම නිලධාරීන් පැවසීය.

ඉන්ධන නෞකාවලින් ගොඩබාන ඉන්ධන මෙම නළ මාර්ග ඔස්සේ කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත ගමන්කරයි.

මෙම ඉන්ධන නළ ගමන් කරන මාර්ගය හරහා මහවත්ත ප්‍රදේශයේ ජනතාව සිය නිවාස ඉදිකරගෙන ඇති අතර එම නිවාස ඉවත් කර ඔවුන්ට නව ස්ථාන ලබාදීමට මීට පෙර කටයුතු කර තිබුණත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග එම කටයුතු අතරමග නතරවී තිබුණි.