පස් දෙනෙකුට මරණ දඬුවම

පස් දෙනෙකුට මරණ දඬුවම

December 15, 2020   02:11 pm

හෝමාගම මහාධිකරණය විසින් පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයින් 05 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම නියමකර තිබේ.

ඒ, 2009 වසරේදී හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී වෙනත් පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කිරීම හේතුවෙනි.