පවුලක් එක්ව කළ රත්‍රං හොරකම -CCTV දර්ශන සහිතයි

පවුලක් එක්ව කළ රත්‍රං හොරකම -CCTV දර්ශන සහිතයි

November 22, 2020   12:12 pm

වවුනියාව නගරයේ රන් භාණ්ඩ වෙළෙඳ සැළකින් රන් භාණ්ඩ සොරාගත් තිදෙනෙකු වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 13 වැනිදා වවුනියාව නගරයේ රන් භාණ්ඩ අලෙවි සැළකට ඇතුළු වී රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුතු රන් භාණ්ඩ සොරාගත් මවක්, දියණියක් හා දියණියගේ පෙම්වතා එලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

රන් භාණ්ඩ අලෙවි සැළේ සීසීටීවි දර්ශන උපයෝගී කර ගනිමින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ, සැකකරුවන් රන් භාණ්ඩ අලෙවි සැළට පැමිණ රන් භාණ්ඩ නිරීක්ෂණය කරන අතුරතුර, එම සොරකම සිදුකර ඇතැයි අනාවරණය වු බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.