ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

November 16, 2020   06:05 pm

ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඒ මහතා 68වන වියේ පසුවිය.

පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත ය.

වේග රිද්ම ගායකයෙකු ලෙස ප්‍රකට පෝල් ප්‍රනාන්දු මහතා "සඳ පාන වගේ", "ගොලු හදවත විවර කරන්න", "ආවේ වන බඹරෙක් වාගේ" වැනි රසික හදවත් දිනාගත් ගීත රැසකටම ගායනයෙන් දායක විය.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අදාළ පරික්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය තීරණය කරන බව ගායක ගායිකා සංගමයේ අනුශාසක කීර්ති පැස්කුවෙල් මහතා පැවසීය.