බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට
April 21, 2020 11:16 am
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හඳුනා ගැනුණු කොළඹ - 12 බණ්ඩාරණායක මාවත දේශයේ තවත් දහසකට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔවුන් සියලු දෙනා යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
