හෙරොයින් සමඟ ගල්නෑව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

හෙරොයින් සමඟ ගල්නෑව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

April 10, 2020   06:51 pm

තඹුත්තේගම පොලිස් වසමේ තලාව ගල්නෑව මාර්ගයේ කලාඔය පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අද(10) සවස 3.50 ට පමණ මෙම මෙහෙයුම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වු ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ගල්නෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු හෙට(11) දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.