අද හවසට ඇඳිරි නීතිය පනවන තැන් මෙන්න

අද හවසට ඇඳිරි නීතිය පනවන තැන් මෙන්න

March 18, 2020   01:55 pm

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11 කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 7 කටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය බල පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

පුත්තලම පොලිස් කොට්ඨාසයේ
පුත්තලම, ආනමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරෙච්චෝලේ, සාලිය වැව‍

හලාවත පොලිස් කොට්ඨාසයේ 

හලාවත, දන්කොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව

මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසම