08 වන පාර්ලිමේන්තුව අද මැදියමේ විසුරුවන්න සුදානම්
March 2, 2020 06:44 am
වත්මන් පාර්ලිමේන්තුව අද(02) මධ්‍යම රාත්‍රීයේ විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වෙයි.
19වන ආණ්ඩුක්‍රම ව්යිවස්ථා සංශෝධනයට අනුව වසර හතරහමාරක් ඉක්ම ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.
ඒ අනුව ඊයේ(01) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේනතුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවනු ඇති.
2015 වසරේ අගොස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව එම වසරේ සැප්තැම්බර් 01 වනදා සිට 8වන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණි.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරිමත් සමඟ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.
පාර්ලිමේන්තුව විසුරුවාහැර සති 5ත් 7ත් අතර කාලය තුළ දි මහමැතිවරණය පැවැත්විය යුතු අතර ඒ අනුව අප්‍රේල් මස 24 දාත් මැයි මස 04 වනදාත් අතර දිනයකදි මැතිවරණය පැවැත්වීමට යෝජනා වී තිබේ.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අප්‍රේල් මස 25 වනදා මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.
