අම්බුළුවාව කඳු මුදුනත විශාල පරිසර හානියක් සිදුවීමේ අවදානමක්

අම්බුළුවාව කඳු මුදුනත විශාල පරිසර හානියක් සිදුවීමේ අවදානමක්

February 21, 2020   06:34 am

අම්බුළුවාව කඳු මුදුනේ රක්ෂිත මායිමක සිදුකරන සංවර්ධන කටයුතු හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවීමේ අවදානමක් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

පසුගිය 2016 වසරේදී , නාය ගිය කුඩා ඔය ආරම්භ වන අම්බුළුවාව කදු මුදුනේ රක්ෂිත ප්‍රදේශයක, කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍ර යොදාගෙන සංවර්ධන කටයුතු සිදුකරයි.

එම සංවර්ධන කටයුතු හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවීමේ අවදානමක් පවතින බවයි පරිසර සංවිධාන පෙන්වා දෙයි.

අම්බුළුවාව ජල මූලාශ්‍ර සහ ජන ජීවිත සුරැකීමේ සංවිධානය  පසුගියදා එම කදුවැටියේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර එහිදි ඔවුන් මේ බව සදහන් කළේය.

අම්බුළුවාව ජල මූලාශ්‍ර සහ ජන ජීවිත සුරැකීමේ සංවිධානයේ සභාපති අජන්ත දිසානායක මහතා විසින් එම ස්ථානයේදීම , දුරකථන මාර්ගයෙන් ප්‍රෙද්ශයේ ග්‍රාම සේවක රත්මල්කඩුව ආර්.පී.ජී.ගොඩමුල්ල මහතාගෙන් ගැටලුව සම්බන්ධයෙන් විමසීමක්ද කළේය.