ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයාට මග පෙන්වූ කාන්තාවගෙන් විශේෂ අනාවරණයක්

ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයාට මග පෙන්වූ කාන්තාවගෙන් විශේෂ අනාවරණයක්

February 4, 2020   08:34 pm

කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවගේ ශ්‍රී ලංකික මාර්ගෝපදේශිකාව අද දෙරණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණි.

ඇය සඳහන් කළේ, අදාළ කාන්තාවගේ රෝගය මතුවූයේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංචාරය කිරීමේදී බවයි. 

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටපලෙන් පිටව යන අවස්ථාවේදී චීන ජාතික කාන්තාව හමුවූ බවට පැවසෙන ප්‍රකාශ අසත්‍ය බව ඇය අප සමග ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව බවට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන එකදු ඡායාරූපයකවත් සිටින්නේ අදාළ කාන්තාව නොවන බවත් මාර්ගෝපදේශිකාව අපට පැවසීය.

එසේම ඇය සංචාරයේ යෙදුණු ස්ථානවලට යාම පවා ප්‍රතික්ෂේප කරමින් ඇතැම් පිරිස් අනිසි බියකින් කටයුතු කළද ඇය සමඟ දින ගණනාවක් එකට සිටි සැමියා පවා ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍යකින් පසුවන බවත් ඇය කියා සිටියේය.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී තහවුරු කරගත් පළමු රෝගියා හඳුනා ගැනුණේ පසුගිය ජනවාරි 25 වැනිදායි.

චීන ජාතික කාන්තාවක් වූ ඇය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබුණේ තවත් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟින්.