පසුගිය ආණ්ඩු සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 320ක් අතුරුදන්

පසුගිය ආණ්ඩු සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 320ක් අතුරුදන්

January 21, 2020   09:19 pm

මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබූ මිලියන 320කට අධික මුදලක් පසුගිය ආණ්ඩුව විසින් අවභාවිත කර ඇති බව ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය අද (21) අනාවරණ කළේය.

එහි නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙම අරමුදලේ සිදුකළ ඇතැම් ගෙවීම් පිළිබඳ නිෂ්චිත තොරතුරු පවා නොමැති බවයි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇතැයි කියන වංචා පිළිබඳ අදහස් පළ කළේය.