රනිල්-සජිත් සටන් කරන්නේ අපි වෙනුවෙන් ද?-විද්‍යාරත්න

රනිල්-සජිත් සටන් කරන්නේ අපි වෙනුවෙන් ද?-විද්‍යාරත්න

January 21, 2020   03:58 pm

එක්සත් ජාතික පක්ෂය තුළ අද වනවිට දේශපාලන කඳවුරු දෙකක් නිර්මාණය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර දැවැන්ත සටනක් දියත් කර ඇති බවයි.

ඔවුන් පිල් දෙකක් බැඳ ගෙන ඇති බවත් පැවසු ඒ මහතා, එසේ සිදු කර ඇත්තේ බලය ලබා ගැනීමේ අරමුණින් බවත් පැවසීය.

මෙය කිසිවිටෙකත් මහජනතාව පැත්තේ සිට ගෙන කරුණු ලබන සටනක් නොවන බවත් පැවසු ඒ මහතා, මෙය වෙනත් කිසිදු සටනක් නොව මේ තුළින් පක්ෂය පිල් දෙකකට බෙදී අවි අමෝරාගෙන පක්ෂය විනාශ කර රටත් විනාශ කිරීම වන බවත් කියා සිටියේය.

පසුගිය කාලයේ මෙවැනි ක්‍රියා දුටු බවත් කියා සිටි ඒ මහතා මහින්ද මහතා එක් අතකින් කඳවුරක් බඳින විට මෛත්‍රීපාල මහතා වෙනත් කඳවුරක් නිර්මාණය කර පසුව පැන ගිය බවත් විද්‍යාරත්න මහතා පැවසීය.

මෙවැනි සිදුවීමක් ප්‍රේමදාස පාලනය කාලයේ දුටු බවත් ඒ තුළින් තමන්ට අභියෝගයක් සියලු දෙනාට දඩුවම් කර බවත් පසුව ඒ තුළින් විවිධ කල්ලි නිර්මාණය වු බවත් ඒ මහතා  කියා සිටියේය.

මෙවැනි ක්‍රියා බලය ආරක්ෂා කර ගැනීමට සිදු කරන බවත් පැවසු ඒ මහතා “අපේ සටන වන්නේ ඔය සටන නොව , ජීවත් වීමේ සටන “ බවත් පැවසීය.