
පසුගිය ආණ්ඩුව ආරම්භ කළ සුබසාධන වැඩපිළිවෙල රැසක් වත්මන් ආණ්ඩුව විසින් අත්හිටුවා ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මේ බව සඳහන් කළේය.
ගැබිණි මව්වරුන් වෙනුවෙන් පසුගිය රජය සමයේ ක්‍රියාත්මකකළ පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙල වත්මන් රජය යටතේ නවතා දමා ඇති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
පාසල් දරුවන්ට ලබා දෙන නිල ඇඳුම් වවුචරද මේ වන විට කලට වේලාවට ලබා දීම සිදු නොවන බවත් බඩු මිලද ඉතා විශාල ලෙස ඉහළ ගිහින් ඇති බවටත් ඇය චෝදනා කර සිටියි.
අනවශ්‍ය කරුණු ඉස්මතු කරමින් අත්‍යාවශ්‍ය කරුණු යටපත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවටත් චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය චෝදනා එල්ල කරයි.
https://youtu.be/ZCo8M7kzsdk

















































