දියතරිප්පු කර්මාන්තය නගාසිටුවන්න විමල්ගෙන් අතහිත

දියතරිප්පු කර්මාන්තය නගාසිටුවන්න විමල්ගෙන් අතහිත

December 3, 2019   04:18 pm

පාරම්පරික දියතරිප්පු කණ්ණාඩි කර්මාන්තය වෘත්තීය පුහුණු පාඨමාලාවක් දක්වා දියුණු කරීමට අවශ්‍ය පියවර ගන්නා බව සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ එම කර්මාන්තය පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (02) පිළිමතලාවට පැමිණි අවස්ථාවේදීයි.

අතීතයේ රජ දවස සිට ඇස් කණ්ණාඩී සෑදීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන දියතරිප්පු කර්මාන්තය අභාවයට යමින් පවතින බවට අද දෙරණ 2016 වසරේ දෙසැම්බර් මස 13 වනදා රටට අණාවරණය කළේය.

මේ අතර මෙම කර්මාන්තය පිළිබඳව විමසිලිමත්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන හා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ එම කර්මාන්තය පිළිබඳව සොයා බැලීම සඳහා පිළිමතලාවට පැමිණියේය.

මහනුවර,පිළිමතලාව,කහඹ ප්‍රෙද්ශයේ පදිංචි ගුනසෝම මහතා එම දියතරිප්පු පරම්පරාවේ අවසන් පුරුක බවට මේවනවිට පත්ව ඇති අතර අමාත්‍යවරයා ඔහු සමඟ  මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකාර ලබා දෙන බව සඳහන් කර ඇත.

NVQ සහතික පාඨමාලාවේ වරස තුනකින් යුත් පාඨමාලාවක් මෙම විශය සම්බන්ධයෙන් ආරම්භ කරන බවත් එම කටයුතු සිදු කිරීම සඳහා අවශය පියවර ඉදිරියේදි ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.