හමුදා ලොරි රථයක් අනතුරක

හමුදා ලොරි රථයක් අනතුරක

December 3, 2019   03:32 pm

අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබු හමුදා ලොරි රථයක් අනතුරට ලක්ව තිබේ.

ඒ වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ දංගහමුල මංසන්දිය ආසන්නයේ දී.

අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබු හමුදා ලොරි රථයක් ඊයේ(02) රාත්‍රියේ කුඹුක් ගසක ගැටී අනතුරට ලක්ව තිබේ.

මෙම අනතුර ඊයේ රාත්‍රී 11.00 ට පමණ සිදු වී ඇති බව වාර්තා වෙයි.

රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පලකරයි.

එම  අනතුරින්  එක් අයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු යුද හමුදා  මාණ්ඩලික සැරයන් වරයෙකු බව අප වාර්තාකරු පැවසුවේය.

ඔහුත් සමඟ ගමන් ගත් අනෙක් දෙදෙනා ද බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.