අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය නව මුහුණුවරකින්

අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය නව මුහුණුවරකින්

December 3, 2019   03:02 pm

මහජනතාව අදාළ අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීරණය කිරීම මින් ඉදිරියට අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය මගින් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (03) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී විවෘත කිරීම සිදු කෙරුණි.

එහිදි ඒ මහතා පැවසුවේ ජනාව විසින් ඉදිරිපත් කරන ඔවුන්ගේ ගැටලු අදාල අමාත්‍යාංශ වෙත යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන බවයි.

ඉන් පසු එම කර්යය සිදුවුයේද නොවුයේද යන්න සම්බන්ධයෙන්ද පසුවිපරමක් සිදු කිරීමද මෙම කර්යාලය මගින් සිදු කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම කර්තව්‍ය පසුගිය කාලයේ සිදු කළ බවත් ඒ මහතා සිහිපත් කලේය.

කෙසේ වෙතත් මෙය නිවැරදීව සාර්තකව සිදු කිරීම වඩා වැදගත් වන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.