පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පිරිසට සහන ලැබි ඇතැයි විශ්වාස කරනවා

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පිරිසට සහන ලැබි ඇතැයි විශ්වාස කරනවා

December 3, 2019   08:34 am

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් විපතට පත් වූ ජනතාවට සහන ලැබී ඇති බවට විශ්වාසය පල කරන බව ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි. 

එම සිද්ධියෙන් විපතට පත්වුවන්ට ලබාදීම සඳහා මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රධාන ලේකම්වරයා ඩොලර් මිලියන පහක ආධාර මුදලක් රජයට ලබා දී ඇති බව උන්වහන්සේ සදහන් කළේය. 

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මෙම අදහස් පල කළේය. 

එහිද උන්වහන්සේ පැවසුවේ එම මුදල් වලින් අදාල පිරිසට සාධාරණය සිදු වී ඇතිද යන්න මැල්කම් රන්ජිත් කාදිනල් තුමා ඇතුලු කතොලික සභාව විසින් ඒ අදාල නිළධාරින්ගේන් මේ සම්බන්ධයෙන් නිවැරදි කරුණු විමසිය යුතු බවද පැවසීය.

මේ අතර යාල වනෝද්‍යානය තුළ සිදුවන සාදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් පිළිබඳව ද උන්වහන්සේ කරුණු අනාවරණය ක‍ළේය.

සංචාරකයන් පිනවීම සඳහා වනෝද්යානයේ සිටින කොටියන් සහ දිවියන් කැලයෙන් එළියට ගැනීමට වෙනත් ප්‍ර දේශවල සිටින සුනඛයන් අල්ලාගෙන ගොස් එම වනසතුන්ට ගොදුරු ලෙස ලබා දීමට ඇතැම් පිරිස කටයුතු කරමින් සිටින බව උන්වහන්සේ පෙන්වා දෙයි.

විදේශිකයන් සතුටු කිරීම සඳහා ඔවුන්ව යාල නැරඹිමට රැගෙන යන ජීප්රථ හිමියන් සහ මඟ පෙන්වන් විසින් මෙම ක්‍රියාව සිදු කරන බව උන්වහන්සේ පවසයි.

මෙම කරුණ සත්‍යක් නම් එය ජාත්‍යන්තර වශයෙන් රටට අපක්‍රීර්තියක් ගෙන දෙන්නක් බවද උන්වහන්සේ පෙන්වා දෙයි.