සෑම නගරයක්ම පිරිසිදු වෙන හැටි

සෑම නගරයක්ම පිරිසිදු වෙන හැටි

November 30, 2019   09:19 pm

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත සෑම නගරයකම ක්‍රියාත්මක පිරිසිදු කිරීමේ වැඩසටහන් අදත් (30) දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක විය. 

ඊට පොලිසියේ සහාය හිමිවීම විශේෂත්වයක්. 

පරිසරය සුරැකීමේ විශේෂ වැඩපිළිවෙළ අද උදෑසන කොළඹ කොටුව ප්‍රජා පොලිස් ඒකකය විසින් ගාලුමුවදොර පිටියේදී සිදුකෙරුණි.

මෙහිදී පොලිසිය විසින් වෙළෙඳුන් දැනුවත් කළේය.

මේ අතර මෝදර කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් අද උදෑසන පැවැත් විය.

මේ අවස්ථාව සදහා පාසල් ළමුන්, සිංහ සමාජයේ නියෝජිතයින්, ප්‍රදේශවාසින් සහ පොලිස් නිලධාරීන්ද එක්ව සිටියේය.

දෙමටගොඩ ප්‍රදේශයේදී පරිසරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් අද උදෑසන පැවැත් විය.  

මේ අතර කළුතර කැලිඩෝ වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් අද උදෑසන පැවැත් විය.

රත්නපුර, බලන්ගොඩ නගරයේ පිරිසිදු කිරිමේ වැඩසටහනක්ද අද උදෑසන පැවැත් විය.

පරිසරය පිරිසිදු කිරිමේ තවත් වැඩසටහනක් අද උදෑසන කුරුණෑගල සහ ඉබ්බාගමුව යන නගරයන් හි පැවැති අතර මේ සදහා ප්‍රදේශයේ ජනතාව සහ සිවිල් සංවිධාන රැසක් එක්ව සිටියේය.