අයිස් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට

අයිස් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට

November 30, 2019   06:31 pm

නාවික හමුදාව විසින් අද (30) උදෑසන මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

 නාවික හමුදාව විසින් මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඔහු හා යාත්‍රාව පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී යාත්‍රාවේ දැල් ආම්පන්න තුල තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680 ක් සොයා ගෙන තිබේ.

එහිදී එම සැක කටයුතු පුද්ගලයා යාත්‍රාව ද සමඟ නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන ඇත.

නාවික හමුදාව සිදු කල වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේම  පදිංචිකරුවෙකු බවත්,  මොහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන ජාවාරම්කරුවෙකු බවත් කරුණු අනාවරණය විය.

එම සැකකරු, යාත්‍රාව සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.