තෙවැනි පාසල් වාරය අදින් අවසන්

තෙවැනි පාසල් වාරය අදින් අවසන්

November 29, 2019   06:42 am

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් අවසන් වෙයි.

2020 වර්ෂයේ පළමු පාසල්වාරය ජනවාරි 02වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ වීමට නියමිතව තිබේ.

මධ්‍යස්ථාන 4,987කදී සිසුන් හත්ලක්ෂ 17,000ක පමණ පිරිසක් විභාගයට පෙනීසිටීමට නියමිතයි.

මේ අතර ලබන වසර සඳහා පාසල් දරුවන්ට නිළ ඇඳුම් වව්චර් පත් මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වෙයි.

එම වව්චර් පත් ජනවාරි 02 වන සතිය වනවිට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ ප්‍රකාශ කළේය.

මේ අතර අද දින පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත පරිසරයක් පවත්වාගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.