අධිකරණ ඇමති තවත් හමුවක

අධිකරණ ඇමති තවත් හමුවක

November 29, 2019   06:12 am

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේ අධ්‍යක්ෂිකා Miwa Panholzer Kato හා එකී සංවිධානයේ ගෝලීය නාවුක අපරාධ වැඩ සටහනේ ප්‍රධානී ඇලන් කොලේ ඇතුළු නියෝජිත පිරිසක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු විය.

ඊයේ(28) මෙම හමුව සිදුව ඇත්තේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදීය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති මත් ද්‍රව්‍ය භාවිතය හා බන්ධනාගාර තුළ සිට මත් ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යෑමට අදාළ කරුණු පිළිබඳවත් මෙම තත්ත්වය නැති කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් ජාත්‍යන්තර මට්ටමේ දැනුම හා ක්‍රමවේදයන් උපයෝගි කර ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳවත් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම අංශය මඟින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති මෙම තත්ත්වය නිවැරදි කොට මත් ද්‍රව්‍යවලින් තොර බන්ධනාගාර පරිසරයක් සැකසීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා වෙනත් සහයෝගයන් ලබාදීමට සුදානමින් සිටින බවට ප්‍රකාශ කරන අතර මෙම ක්ෂේත්‍රයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඉතා ළගින් කටයුතු කොට සිරකරු සුභ සාධනය සදහා ගත යුතු පියවර ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය නිරතුරුවම සුදානමින් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

දැනට බන්ධනාගාර තුළ ඇති පරිසරය පහසුකම් හා රැදවියන් වෙත ලබාදිය හැකි පහසුකම් ප්‍රමාණවත් නොවන බව තමා වෙත වාර්තා වී ඇති බව ද බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සලසා දෙන පුළුල් වැඩපිළිවෙළක් සකස් කිරීම නව රජයේ ප්‍රතිපත්තිය බවත් ඒ සඳහා තමා කැපවන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.