ඩෙංගු බෝ කරපු පාසල් 8කට දඩ

ඩෙංගු බෝ කරපු පාසල් 8කට දඩ

November 27, 2019   03:35 pm

ඩෙංගු මඳුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසල් 8 කට දඩ නියම කර තිබේ.

මෙසේ දඩ නියම කර ඇත්තේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි පෞද්ගලික පාසල් දෙකකට සහ රජයේ පාසල් හයකටයි.

ඩෙංගු මඳුරුවන් බෝ වන පරිශ්‍ර පවත්වා ගෙන ගිය බණ්ඩාරවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි පාසල් 8කට රුපියල් 43,000ක දඩ මුදලක් නියම කර තිබේ.

ඩෙංගු මඳුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යාම නිසා එම විදුහල් අටෙහි පාලකයන් බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස දඩ  නියම කළේය.

ඩෙංගු ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා බණ්ඩාරවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි සියලුම රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන දැනුවත් කර තිබුණි.

නමුත්, එම ස්ථාන විනාශ කිරීමට සති දෙකක කාලයක් දී තිබියදීත් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ඔවුන් මෙසේ අධිකරණයට ඊයේ(26) ඉදිරිපත් කළේය.

බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන් හා බණ්ඩාරවෙල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක දී ඔවුන්ට එරෙහිව මෙසේ නඩු ඉදිරිපත් කර තිබුණි.