උතුරු-නැගෙනහිරට අද රෑට තද වැසි

උතුරු-නැගෙනහිරට අද රෑට තද වැසි

November 27, 2019   12:52 pm

උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය අද(27) රාත්‍රී වන විට තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊශාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වන බැවින් මෙම තත්ත්වය උදා වී ඇත.

දිවයින පුරා අහස වළාකුළුවලින් බරව ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල පස්වරු 1 ට පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද පළාත්වල විශේෂයෙන් මඩකලපුව, අම්පාර, යාපනය,පොළොන්නරුව, බදුල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චි සහ මුලතිව් ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150 පමණ තද වැසි ඇති වෙයි.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද,වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකියි.