පාසල් නිවාඩුවට තව දින 3යි

පාසල් නිවාඩුවට තව දින 3යි

November 26, 2019   03:11 pm

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය ලබන 29 වනදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නව පාසල් වාරය ලබන වසරේ ජනවාරි මස 2 වන දා ආරම්භ වන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 2 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.