ජනපතිවරණයෙන් පසු මැතිවණ කොමිසම අද රැස්වෙයි

ජනපතිවරණයෙන් පසු මැතිවණ කොමිසම අද රැස්වෙයි

November 25, 2019   06:56 am

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද(25) පැවැත්වීමට නියමිතයි.

අද පස්වරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව එහි සාමාජිකයෙකු සඳහන් කළේය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරණය අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙය වෙයි.

ඒ අනුව පසුගිය මැතිවරණය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමට නියමිතයි.

මීට අමතරව කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.