නීති විරෝධීව ආනයනය කළ දුම්වැටි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධීව ආනයනය කළ දුම්වැටි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

November 24, 2019   10:25 am

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු සීදූව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානත්මක අපරාධ මර්දන ඒකකය සහ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

සීදූව පොලිස් වසමේ කටුනායක 18 කණුව ප්රවදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන සෞඛ්‍ය හා රූපමය අවවාද නොමැති දුම්වැටි 2400ක තොගයක් සොයාගෙන තිබේ.

මට්ටක්කුලිය මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ද එම දුම්වැටි 100ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සදහන් කළේය.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා සීදුව සහ මට්ටක්කුලිය යන පොලිස් ස්ථාන වෙත භාරදී ඇත.