තරුණ පරපුර වෙනුවෙන් නිපුණතා සංවර්ධන වැඩපිළිවෙලක්-දිනේෂ්

තරුණ පරපුර වෙනුවෙන් නිපුණතා සංවර්ධන වැඩපිළිවෙලක්-දිනේෂ්

November 24, 2019   06:56 am

තරුණ පරපුර වෙනුවෙන් නිපුණතා සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව විදේශ සබදතා, නිපුණතා සංවර්ධන, රැකි රක්ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා පැවසුවේ..

ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධන මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්විමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.