අලුත් තරුණ නායකත්වයකට දොර විවර කර ගත යුතුයි-පාඨලී

අලුත් තරුණ නායකත්වයකට දොර විවර කර ගත යුතුයි-පාඨලී

November 18, 2019   06:30 pm

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අද නිවේදනය කළේය.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර ප්‍රතිසංස්කරණය විය යුතු බවයි.

"අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර ප්‍රතිසංස්කරණය විය යුතුයි.

මෙයින් පස්සේ 225ම එපා සටන් පාඨ ඉවරයි..

දැන් විපක්ෂයට තියෙන්නේ සංවිධානය වෙලා නව තරුණ පිරිසකට එහි ඉදිරි ගමන බාරදීම.

ශුද්ධ ලිබරල්වාදී අනාගාමික කල්ලි කණ්ඩායම්වලට විපක්ෂයේ න්‍යායපත්‍රය තීරණය කිරීමට ඉඩ දෙනවා වෙනුවට වෘත්තිය මට්ටටේ ප්‍රායෝගිකවාදී දූෂණයෙන් තොර කුසලතාවට මුල් තැන දෙන අලුත් තරුණ නායකත්වයකට ඉදිරි කාලයේ දී දොර විවර කර දිය යුතුයි."