වෛද්‍ය සරත් සමරගේ උපහාර උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

වෛද්‍ය සරත් සමරගේ උපහාර උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

October 4, 2019   03:56 pm

බ්‍රිතාන්‍ය මහරැජින විසින් ප්‍රදානය කරනු ලබන ගෞරවනීය විශිෂ්ට සේවා සම්මානයක් වන නයිට් පදවියෙන් පිදුම් ලද ආදි නාලන්දියෙකු වූ ශ්‍රී ලංකාවේ ශාන්ත ජෝන් සංවිධානය සහ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති වෛද්‍ය සරත් සමරගේ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඒ අද (04) පෙරවරුවේ කොළඹ නාලන්දා විද්‍යාලයේ දී ය.

පූජ්‍ය කුප්පියාවත්තේ බෝදානන්ද නායක ස්වාමින් වහන්සේ ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, චන්දිම වීරක්කොඩි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ඇතුථ ආදි නාලන්දයන් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය ඇතුථ ආරාධිත පිරිසක් ද නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා සහ හිටපු විදුහල්පතිවරු, ගුරුභවතුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.