වෙඩි තැබීමකින් පුද්ගලයින් 5ක් මිය යයි
සයුරෙන් එතෙර

වෙඩි තැබීමකින් පුද්ගලයින් 5ක් මිය යයි

September 16, 2019   05:06 pm

මෙක්සිකෝවේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකුමිය ගොස් තිබේ. 

එරට නිදහස් දින සැමරුම අදට (16) යෙදී ඇති අතර එහි සැමරුම් උත්සවය පැවැත්වීමට පැය කිහිපයකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ. 

නාදුනන පුද්ගලයින් කණ්ඩායමක් විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව මෙක්සිකානු බළධාරීන් සැක පළකරයි. 

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. 

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.